All trips

Most MYSTERIOUS Island | Crow Island beach Park Colombo

17 August 2019 — 21.3K views — 7 min

මුළු ලංකාවම හෙල්ලූ මිනී මැරුමක් වන රීටා ජෝන් ( මුම්බායේ විසූ සුරූපිණිය ) ගේ ඝාතනය සිදු වුනේ කාක දුපතේදීය.

ඒ 1998 වසරයි. මුම්බායේ විසූ සුරූපිණියක් වන රීටා ජෝන්ස් මහත්මිය විවාහයෙන් පසු පසු මධුසමය ගතකිරීමට සිය සැමියා සමග ශ්‍රී ලංකාවට පැමිණ සිටියාය. අලුත් ඥාතීන් හමුව ඉතා සතුටුදායක ලෙසින් ගෙවීගිය බැවින් ඈත් සැමියාත් ඒ දින වකවානුව ගෙවමින් සිටියේ ඉතා සතුටින්. සවස් යාමයන්හී අත්වැල් පටලාගෙන මුහුදු වෙරළ දිග ඇවිදීම මේ පෙම්වතුන් දෙදෙනාගේම දෛනික පුරුද්දක්ව තිබුණා. එක් ඉරිදා සවසක සැඳෑ සුව විඳීමට සිය සැමියා සමග මෝදර වෙරළේ ඇවිදීමට යන ඇයව කාමාතුරයින් පිරිසක් විසින් පැහැරගනු ලබනවා. වධදී සමූහ දූෂණයට ලක්කර තිබූ ඇගේ සිරුර කාක දූපත නැමති ස්ථානයෙන් පසුව හමුවනවා. මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කිරීමට බල කෙරෙන රැල්ලක් ඇති කිරීමට තරම් මේ අපරාධය ලාංකීය සමාජය සලිත කරන්නට සමත් වෙන අතර මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට බල කරමින් විවධ සංවිධාන මගින් සංවිධානය කෙරුණ විරෝධතාවයන් බොහොමයක් මේ අපරාධයෙන් පසුව දක්නට ලැබිණ.

කෙසේ වෙතත් අද තත්වය සහමුලින්ම වෙනස්ය. අද "කාක දුපත" හමුදා ආරක්ෂාව සහිතව පවත්වාගෙන යන විනෝද උයනක්ය. කුඩා ළමුන් සමග පවුල් පිටින් පැමිණ විනෝද වෙන හැටි TRIP PISSO කැමරා කාචයට හසු වුයේ මෙසේය.